තම රට තවම පිළිගන්නා ලංකාවේ නීත්‍යානූකූල අගමැති රනිල් බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙදී ප්‍රකාශවේ

https://www.gossiplankanews.com/2018/10/intl-community-continues-to-recognize-ranil-as-legitimate-pm.html#more

වමත් ශ්‍රී ලංකාවේ නීත්‍යානූකූල අගමැති වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බව ඊයේ(30) දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී එරට විදේශ කටයුතු ලේකම් ජෙරමි හන්ට් ප්‍රකාශ කර තිබේ.

ඔහු හා කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් මහතා අතර ඇති වු සංවාදයක් අතර තුරදී මෙම ප්‍රකාශය සිදුවිය.
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෑතක දී සිදු කළ ක්‍රියාව ලංකාවේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සෘජු ලෙස පටහැනි බවත්, ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අගමැතිවරයා වශයෙන් තවමත් රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බවත් ජාත්‍යන්තර ප්‍රජාවද තවම පිළිගන්නේ ඔහු බවත් මෙහිදී හියුගෝ ස්වයර්

මහතා පවසා තිබේ.
මෙම තත්ත්වය වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් පමණක් බවත්, එනිසා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් කරන ලෙසත් ඔහු දන්වා ඇත.
ඉදිරි දිනක මෛත්‍රීපාල සිරිසේන ජනපතිට මේ පිළිබඳ අවධාරණය කර සිටී ද යනුවෙන් අසන ලද පැනයට පිළිතුරු දෙමින්
ලේකම්වරයා පවසා ඇත්තේ නිසැක වශයෙන්ම තමා මේ පිළිබඳ අවධාරණය කරන බවය. එසේම රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැඩි අවධානයකින් සිටින බවද එරට විදේශ ලේකම්වරයා පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්කිරීමෙන් පසු ඇමරිකාව බ්‍රිතාන්‍යය ඇතුළු විදෙස් රටවල් ලංකාවේ ව්‍යවස්ථාව හරියාකාරව ක්‍රියාත්මක වීම පිළිබඳ අවධානය යොමු කරන බව දන්වා ඇති අතර චීනය හැර කිසිදු ප්‍රබල රටක් මහින්දට සුබපැතුම් පණිවිඩ එව්වේද නැත.

එජා සංවිධානයට හා පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටක් ලෙස ලංකාවේ අගමැතිවරයාට එම ධූරයේ කටයුතු ඉදිරියට පවත්වායාමට ජාත්‍යන්තර සහය හා පිළිගැනීම නිතැතින්ම අවශ්‍යවේ.

මෙම තත්වය තුළ මෙම ගැටලුව ඉක්මණින් නිරාකරණය කර මහින්ද හෝ රනිල් දෙදෙනාගෙන් එක් අයෙකු නිවැරදි ලෙස පත්කිරීමේ අවශ්‍යතාව පැනනැගී ඇත. වීඩියෝව පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment