බ්‍රහස්පතින්දා (15) එජාප ජන රැළියක් කොළඹදී


ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය ශක්තිමත් කිරීම සඳහා බ්‍රහස්පතින්දා (15) දැවැන්ත ජන රැළියක් කොළඹ ලිප්ටන් වටරවුමේදී පවත්වන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය හමුවකදී අද (13) පැවැසීය.

දැන්වත් වංගු ගේම් ගහන්නේ නැතුව

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා එක්වන ලෙසද එ.ජා.ප මහ ලේකම්වරයා මෙහිදී කීය.

කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද පැවැසීය.

පසුගිය 26 වැනිදා නිත්‍යානුකූල නොවන අයුරින් අගමැති කෙනෙක් පත් කළා.මීට එරෙහිව අප දිගින් දිගටම අරගල කළා.අපට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන බව දිගින් දිගටම ප්‍රකාශ කළා.නීත්‍යානුකූල නොවන අයුරින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා.

නීතිය ක්‍රියාත්මක වීම ගැන අප සතුටට පත් වෙනවා.දැන්වත් වංගු ගේම් ගහන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න.තුරුම්පු ගහනවා කිව්වා.පාර්ලිමේන්තුවේ බහුතරය හිමි එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව හදනවා. මේ සඳහා අපට උපකාරී කළ සියලු පාර්ශ්ව වලට ස්තුතියි පළ කළ යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා අරලියගහ මැදුර ආරක්ෂා කිරීම සඳහා ජනතාව පෙල ගැසී සිටියා.අප ලැබූ ජය ශක්තිමත් කිරීමට ලබන බ්‍රහස්පතින්දා අප දැවැන්ත ජන රැළියක් පවත්වනවා.ප්‍රජාතන්ත්‍රවාදය රැකීමේ සටනේ එක් පියවරක් ලෙස එය පවත්වනවා.‘‘
(අංජුල මහික වීරරත්න)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment