යතුරුපැදියේ තනි රෝදෙන් වැඩදාන්න හැදූ පිළියන්දල තරුණයන් 32ක් රිමාන්ඩ්


පිළියන්දල කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ අනතුරුදායක ලෙස තනි රෝදයෙන් යතුරුපැදි පැද වූයේ යැයි කියන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් තරුණයන් තිස් දෙදෙනා අද (12) තෙක් රිමාන්ඩ් කරන්නැයි
කැස්බෑව වැඩ බලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය ඊයේ (11) නියෝග කළාය.

 මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවේ කොට්ටාවේ පන්නිපිටිය මොරටුමුල්ලේ පදිංචි 18-32 අතර වයසේ පසු වන තරුණයන් පිරිසකි.
අධික ලෙස ගබ්දය පිට වන අයුරින් නළා හඩවමින් කැස්බෑව මාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදිවල නැගි පුද්ගලයන් රැසක් මධ්‍යම රාත්‍රියේ සිට ඒ මේ අත යතුරුපැදි ධාවනය කරමින් අපරික්ෂාකාර අයුරින් හැසිරෙන බවට පොලිසියට ලද තොරතුරක් මත මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.

රිමාන්ඩ් ගත කළ තරුණයන් බන්ධනංගාර බසයට රැගෙන යද්දී ඔවුන්ගේ ඥාතීන් ද මාර්ගය හරහා වැතිරී පිළියන්දල පොලිසියට වීරෝධතාව පළ කර ඇත.

පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සාරානාත් සමරකෝන් මහතා එම ස්ථානයට පැමිණ විරෝධය දක්වමින් සිටි පිරිස අතරට ගොස් කරුණු දැක්වීමෙන් පසු බන්ධනාගාර බස් රථයේ
දොරටුව ගේට්ටුව අසලට ගෙන සැකකරුවන් බස් රථයට නංවා ගෙන ඇත.
මෙම සිද්ධියක් සමග බෝකුන්දර මකුළුදුව මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පැවැති අතර පිළියන්දල පොලිසිය එහි ආරක්ෂාව තර කර තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment