මාලදිවයින් ජනාධිපති ඝාතන සැළසුම් කළැයි වසර 3 ක් නිකරුණේ සිරගතව සිටි ලාංකික තරුණයා නිදහස්

https://www.gossiplankanews.com/2018/11/lahiru-madushanka-released.html
මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් ඝාතනය කිරීමට සැළසුම් කළ බවට එල්ලවූ චෝදනා මත එරට සිරභාරයේ පසුවූ ළහිරු මධුශංක නම් ලාංකික තරුණයා අද(21) නිදහස් කොට තිබේ.
හිටපු මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් ඝාතනය කිරීමට
කුමන්ත්‍රණය කිරීම යන චෝදනාව මත 2015 වසරේ

ඔක්තෝබර් මස 23 වැනිදා අත්අඩංගුවට ගත් 27 හැවිරිදි ලාංකික තරුණයා වසර තුනකට අධික කාලයක් එරට සිරභාරයේ පසුවූ අතර අද පැවැත්වූ නඩු විභාගයකින් අනතුරුව ඔහු චෝදනා වලට වරදකරු නොවන බව තහවුරු විය. ඒ අනුව එරට අධිකරණයක් විසින් ඔහු නිදහස් කර තිබේ.
2016 වසරේ සැප්තැම්බර් මාසයේ සිට අදාල නඩුව විභාගයට ගෙන නොමැති අතර නඩු විභාගයකින් තොරව ඔහු රඳවාගෙන මූලික අයිතිවාසිකම් කඩකර තිබීමක්ද වාර්තා විය.
අද පැවැති නඩු විභාගයේ දී ළහිරු මධුශංකට එරෙහිව චෝදනා නොමැතිවීම හේතුවෙන් ඔහු නිදහස් කරන බව එරට අධිකරණය දන්වන ලදි.
 නිදහස් වීමෙන් පසු ඇමති ෆයිසර් මුස්තාපා සමග සිටින ළහිරු තම නිවසේ අය අමතන අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment