සිරිසේන හුළුගල්ලව පන්නා දමයි : ආණ්ඩුවේ තනතුරු ගැටුම එළිපිට.


ලංකා හොස්පිට්ල්ස් හී සභාපතිවරයා ලෙස අද (22) වැඩභාර ගැනීමට ගිය ලක්ෂ්මන් හුළුගල්ල මහතාව ජනාධිපති සිරිසේනගේ දැනුම්දීමක් මත වහාම ආපසු හරවා යවා ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට රාජපක්ෂ පවුලේ දැඩි හිතවතෙකු වන ලක්ෂ්මන් හුළුගල්ල අද ලංකා හොස්පිට්ල්ස් වෙත ගොස් ඇත්තේ රාජපක්ෂ පවුලේ ප්‍රබලයකු සිදුකළ දැනුම්දීමක් මත වන අතර ඒ අනුව සභාපති ධූරය ලබාගැනීමට නියමිතව තිබී ඇත.

 එහෙත් ඒ අවස්ථාවේ කිසියම් අයෙකු විසින් ඒ බව ජනාධිපති සිරිසේනට දන්වා ඇති අතර එහිදී සිරිසේන ජනාධිපති දැඩි ස්වරයෙන් සඳහන් කර ඇත්තේ තම නියෝගයට පිටින් කිසිඳු පත්කිරීමක් සිදුනොකරන ලෙසය.

මේ අතර ජාතික රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයට නාලක ගොඩහේවා පත්කිරීම, කපිල චන්ද්‍රසේන වෙත ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිත්වයට පත්කිරීම යන අවස්ථා සම්බන්ධවද ජනාධිපති සහ මහින්ද පාර්ශවය අතර ගැටුම් සහගත තත්ත්වයක් මතුව තිබෙන බව වාර්තා වෙයි.

ඒ නිසාම මේ වන විට රාජ්‍ය ආයතන සඳහා පත්වීම් සිදුකරන විට ඒ සඳහා රාජපක්ෂ පාර්ශවයට අවස්ථාව නොලැබෙන ලෙස වන චක්‍ර ලේඛයක් නිකුත් කිරීමටද සිරිසේන ජනාධිපති කටයුතු කර ඇත.

(News Tube)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment