පාර්ලිමේන්තුවට දිගටම නොපැමිණි දුමින්දට මොකද වුනේ? විජේදාස හා වසන්තත් පැමිණියේ එක දවසයි

https://www.gossiplankanews.com/2018/11/parliament-duminda-absent.html#more
මුළු රටම කුමක් වේදැයි අවිනිශ්තව පාර්ලිමේන්තු රැස්වීම දෙස බලා සිටි නොවැම්බර් 14, 15, 16 සහ 19 දින හතරේම පාර්ලිමේන්තු රැස්වීම්වලට නොපැමිණි ඇමතිවරයෙකු ගැන
වාර්තාවේ. ඒ දුමින්ද දිසානායකයි ඔහු දිගටම පාර්ලිමේන්තුවට සහභාගී වී නැත.
දින හතරේම පාර්ලිමේන්තුවට නොපැමිණි එකම මන්ත්‍රීවරයා ඔහුය.

2014 මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස මහින්ද රජයෙන් ඉවත්වෙද්දී ඊට සහාය දෙමින් ඉවතට ආ දුමින්ද තම පියා වන මියගිය බර්ටි ප්‍රේමලාල් අවසන් කාලයේ

මහින්දගේ වෙනස්කම් නිසා පීඩා වින්ද බව කියා සිටි අයෙකි. ලසුගියදා ඇමති ධූර පිරිනමන අවස්තාවල ඔහු පැත්තක් ගසා සිටි අතර ආණ්ඩුවට සහය නොදෙන බවටද කටකතා පැතිරිණි.පසුගිය දා කැබිනට් ඇමැතිවරයකු ලෙස දිවුරුම් දුන්නද මේ වන තෙක් ඔහු වැඩ බාර ගැනීමට ගොස් නැත.

වසන්ත සේනානායකද පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ 14 වැනි දා පමණි. විජයදාස රාජපක්ෂ පැමිණ ඇත්තේ පසුගිය 14 වැනි දා පමණි. දිලුම් අමුණුගම පැමිණ ඇත්තේ  15 වැනි දා පමණි. කෙසේ වෙතත් දිළුම් අමුණුගම කතානායකවරයාගේ මයික්‍රෆෝන වයරය අදින්නට ගොස් අත කැපී රෝහල් ගතවීම නිසා ඉන් පසු දිනවල පාර්ලිමේන්තුවට ඒමේ අපහසුතා තිබෙන්නට ඇත.

පසුගිය දිනවල පාර්ලිමේන්තු නොපැමිණි මන්ත්‍රීවරුන් මෙසේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment