මහින්ද ඡන්දෙ ඉල්ලන්නෙ කුරුණෑගලින්

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මෙවරද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහා මැතිවරණයට
ඉදිරිපත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මෙවර  මහා මැතිවරණයට තරග කිරීම  සඳහා දිස්ත්‍රික්ක කිහිපයකින්ම ආරාධනා ලැබුණද නැවතත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ම තරඟ කිරීමට අගමැතිවරයා තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය  කරමින් පළමුව පාර්ලිමේන්තුවට තේරී පත්වූ මහින්ද රාජපක්‍ෂ මහතා 2005 දී. ජනාධිපතිධුරයට පත්විය. පසුව 2015 වසරේ පැවැති මහමැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්විය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment