කුමන්ත්‍රණ ආණ්ඩුවේ තවත් ප්‍රථිපලයක් : අමෙරිකා - ශ්‍රී ලංකා ආරක්ෂක ව්‍යාපෘතිත් නවතියි.


ශ්‍රී ලංකාව නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති නිසි පරිදි ක්‍රියාවට නැංවීම සිදු නොකළහොත් ශ්‍රී ලංකාව හා අමෙරිකා එක්සත් ජනපදය අතර දැනට පවත්වාගෙන යන හා අනාගතයේදී සිදු කිරීමට නියමිත සියලු ආරක්ෂක ව්‍යාපෘති නවතා දැමීමට හැකි බව අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

අගෝස්තුවේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අමෙරිකානු ඩොලර් මිලියන 39ක මුදලක් ශ්‍රී ලංකාවේ හමුදාවට ලබා දීම වෙනුවෙන් කොංග්‍රස් මණ්ඩල අනුමැතිය සඳහා යොමු කළ බවයි.

මෙම අරමුදල් සම්පාදනය වන්නේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවල් සමඟ ආරක්ෂක සබඳතා පුළුල් හා ශක්තිමත් කිරීම සඳහා මූලාරම්භයක් ලෙසයි.

මෙම අරමුදල් සමුද්‍රීය ආරක්ෂාව පුළුල් කිරීම, ආපදා අවස්ථාවලදී ප්‍රතිචාර ලෙස මානුෂීය ආධාර ලබා දීම, සාමය ආරක්ෂා කිරීමේ හැකියාවන් හා රටවල් අතර අපරාධ හැකියාවන් පාලනය කිරීම වෙනුවෙන් සම්පාදනය කර තිබේ.

ශ්‍රී ලංකාවට ඉතාම තීරණාත්මක කාලයක් :

පසුගිය අගෝස්තු මාසයේ දී අමෙරිකාව විසින් වෙරළ ආරක්ෂක ගවේෂණ යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා දී ඇත. 115එම් වෙසෙල් නෞකාව එලෙස ‍ගවේෂණ කටයුතු කෙරෙන ශ්‍රී ලංකාවට පැමිණි විශාලතම නෞකාවක් ලෙස හැඳින්විය හැකියි.

මෙම කාලවකවානුව ශ්‍රී ලංකාවට ඉතාම තීරණාත්මක කාලයක් බවත් අමෙරිකාව ඉදිරියේදීත් ශ්‍රී ලංකාවේ සිදුවන සියලු ක්‍රියාකාරකම් දෙස අවධානයෙන් බලා සිටින බවත් එක්සත් ජනපද තානාපති කාර්යාල ප්‍රකාශක ඩේවිඩ් ජේ මැක්ගයර් (David J McGuire) පවසයි.

දැනට සිදු කෙරෙමනි පවතින ව්‍යාපෘති හෝ අනාගතයේ සිදු කිරීමට නියමිත ව්‍යාපෘති සහ ප්‍රතිපාදන ලබා දීම් සම්බන්ධයෙන් සළකා බැලීමේදී වර්තමාන දේශපාලන තත්වය විසඳිය හැකි වන්නේ කෙසේද යන්න පිළිබඳව පූර්‍ව නිගමන වලට එළඹීමට අවශ්‍යය නොවන බවත්, එහි අවසන් ප්‍රතිඵලය කුමක් වේදැයි නිශ්චය කිරීමට තවමත් කල් වැඩි බවත් මැක්ගයර් මහතා තවදුරටත් ප්‍රකාශ කර ඇත.

“ ශ්‍රී ලංකාව කියන්නේ ආරක්ෂාව, සමෘද්ධිය හා සෞභාග්‍යය සහ නැවත පදිංචි කිරීම අතින් විශාල ප්‍රගතියක් ලබා සිටින රටක්. මේ නිසා ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහතික කරමින් ඔවුන්‍ගේ පරමාධිපත්‍ය බලයෙන් පත් වූ නියෝජිතයන්ට නායකත්වය සපයන්නේ කවුරුන් දැයි තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස එක්සත් ජනපදය ශ්‍රී ලංකා ජනාධිපති සිරිසේනගෙන් ඉල්ලා සිටිනවා.“

එක්සත් ජනපද තානාපති කාර්යාල ප්‍රකාශක ඩේවිඩ් ජේ මැක්ගයර් (David J McGuire) තවදුරටත් කියා සිටියි.

එක්සත් ජනපදය ශ්‍රී ලංකාව හා ආරක්ෂක හා යුදමය ක්‍රියාකාරකම් පවත්වන්නේ 2009 වසරේ සිවිල් යුද්ධයේ අවසන් වූ පසුවයි. යුද්ධයෙන් පසු එක්සත් ජනපදය, ජපානය හා ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ සිය යුදමය රාජ්‍යතාන්ත්‍රික සබදතා වැඩි කර තිබිණ.

ඉන්දියාව සමඟ එක්ව ශ්‍රී ලංකාවේ උපායමාර්ගික යටිතල පහසුකම් සම්බන්ධයෙන් සිදු කරන ලද චීන ආයෝජන පිළිබඳව වැඩි අවධානයක් මෙම රටවල් යොමු කර තිබිණ.

විශේෂයෙන්ම නාවික ක්ෂේත්‍රයට අදාළ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය වැනි නාවික යටිතල පහසුකම් ඊට උදාහරණ ලෙස දැක්විය හැකිය.

ශ්‍රී ලංකාව අකර්මන්‍ය රාජ්‍යයක් බවට:

මේ වන විට ජනාධිපති සිරිසේන ශ්‍රී ලංකාව අකර්මන්‍ය රාජ්‍යයක් බවට පත් කර ඇත. ශ්‍රී ලංකාවේ සෘජු හමුදා අභ්‍යාස, හමුදා පුහුණු හුවමාරු, සහ පුහුණු වැඩසටහන් සම්බන්ධයෙන් එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය 2015 වසරේ සිට සැළකිය යුතු මට්ටමින් වැඩිදියුණු වී ඇත.

පසුගිය වසරේ ශ්‍රී ලංකා නාවික හමුදා සමුද්‍රීය බලකාය ආරම්භ කිරීමේදී එක්සත් ජනපද නාවික සෙබළුන් විශේෂ කාර්යභාරයක් සිදු කර තිබිණ.

එසේම ගෙවී ගිය මාස දෙක තුළ ශ්‍රී ලංකාවේ පැවති ආරක්ෂක සමුළු සඳහා ඔස්ට්‍රේලියා, ජපාන හා එක්සත් ජනපද ජ්‍යේෂ්ඨ නිළධාරීන් සහභාගී වූ අතර එයින් එක්සත් ජනපදය ප්‍රමුඛ මෙම රටවල් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් කෙතරම් සමීප බැඳීමක් පවත්වන්නේද යන්න හොඳින්ම පැහැදිලි වේ.

මුලාශ්‍ර පුවත :
So much at stake, US warns Sri Lanka

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment