රාජපක්ෂ සමයේ අපරාධ රැසක පරීක්ෂණ සිදු කරමින් සිටි CID යේ නිශාන්තට මාරුවක්

රාජපක්ෂ ජනපති සමයේ සිද්ධවූ ඝාතන රැසක් සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් කරමින් ඒ ගැන විමර්ශන පවත්වමින් සිටි  සීයඅඩීයේ සමූහ මංකොල්ල විමර්ශන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා  වහාම ක්‍රියාත්මක වන පරිදි  මීගමු කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා
ස්ථාන මාරු කර යවා තිබේ. ඒ අනුව ඔහු කළ විමර්ශන වලට බාධා සිදු කර තිබේ. ඉහළින් ආ නියෝග මත පොලිස්පතිනවරයා මෙම කටයුත්ත සිදු කර තිබේ.
පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩු දුන් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය,

මාධ්‍යවේදී කීත් නොයාර්ට හිංසා කිරීම,මාධ්‍යවේදී  උපාලි තෙන්නකෝන්ට හිංසා කිරීම, මාධ්‍යවේදී නාමල් පෙරේරා පැහැරගැනීම,
කොළඹ දී තරුණයන් 11 දෙනකු සුදුවෑන් මගින් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය හා එම සිද්ධිවලට අදාළව නේවි සම්පත්ට අධිකරණය මගහරිමින් සිටීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අදාළ කරුණු වාර්තා කරනු ලැබුවේද නිශාන්තය.

යාපනයේ  විද්‍යා දැරිය අපයෝජනය කර මරා දැමීමේ විමර්ශන පැවැත්වූයේ නිශාන්ත ද සිල්වා මහතා වන අතර අපරාධකරුවන් හසුකරගත්පසු ඔහුගේ දක්ෂතා  ඉලංචේලියන් විනිසුරුවරයාගේ ඇගයීමටද ලක්විය. එසේම 2014 වසරේ මහව ප්‍රදේශයේ දරුවෙකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලීමේ සිද්දිය පිළිබඳ සාර්ථක ලෙස

විමර්ශනය කිරීම නිසාද මෙම නිලධාරියා ඇගයීමට බඳුන්විය.

මොහු මේ ආකාරයට ස්ථාන මාරු කිරීම පසුපස වත්මන් දේශපාලන බලපෑම් හඳුනාගතහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත අදහස් පළ කර තිබේ.
මෙසේ කර ඇත්තේ අපරාධකරුවන් බේරා ගැනීමට බවත් එසේම පොලිස් පරීක්ෂකවරුන්ගේ  ආරක්ෂාව ගැන ගැටලු මතුවන බවත් ඔහු කියා තිබේ.
‘‘නිශාන්ත සිල්වා කියන්නේ දක්ෂ නිලධාරියෙක්. බරපතල අපරාධ ගණනාවක තොරතුරු අනාවරණය කළ නිලධාරියා. පොලිසිය දැන් තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ. නීති විරෝධී නියෝග පිළිපදිමින් මෙම නිලධාරියා ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත්ට ලැජ්ජා නැද්ද? පොලිසියේ දක්ෂ නිලධාරීන් මාරු කරන්නද ආණ්ඩුව ගත්තේ? මේව යටගහන්න ඕන නිසා තමයි වැරදියට හරි බලය දිගටම අල්ලගෙන ඉන්න ඕනවෙලා තියෙන්නෙ.‘‘
මන්ත්‍රීවරයා දන්වා සිටියේය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment