කුමන්ත්‍රණයේ තවත් ප්‍රතිපලයක් : රට පුරා බෙහෙත් හිඟයක්!


රාජ්‍ය භාණ්ඩාගාරය මේ වන විටත් මුදල් නොමැති වීම හේතුවෙන් අසරණ තත්වයට පත් වී ඇත. මුදල් අමාත්‍යංශ ජ්‍යේෂ්ඨ නිළධාරියෙක් පැවසුවේ මේ වසර අවසානය වනතෙක් සිදු කිරීමට තිබෙන ව්‍යපෘති අඛණ්ඩව සිදු කරගෙන යාම සඳහා අරමුදල් නොමැති වීමෙන් රටේ සංවර්ධන වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවයි.

එසේම රට පුරා දැඩි ඖෂධ හිඟයක් ද පවතින අතර අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා අරමුදල් ලබා දීම ද නොහැකි තත්වයක පවතින බව එම නිළධාරියා පැවසිය.

මේ අතර මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා 'සන්ඩේ ටයිම්ස්' පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ, මෙම ගැටළුවට එකම විකල්පයඅත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘති සඳහා යොදවා ඇති අරමුදල් අත්‍යවශ්‍ය ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා යොදා ගැනීම බවයි.

මෙම තත්වයට මුහුණ දීමට සිදු වූයේ පසුගිය සති තුන තුළ පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා සිදුවීමත් සමඟ බව ආටිගල මහතා පවසයි.

මේ නිසා ඉන්ධන මිළදී ගැනීම, විදුලි බල උත්පාදනය හා සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් අත්‍යශ්‍ය අංශවලට අවශ්‍ය අරමුදල් වෙනත් අමාත්‍යංශවලින් ලබා ගත් බව ආටිගල මහතා වැඩිදුරටත් කියා සිටියි. එලෙස සොයා ගත් අරමුදල් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දී ඇත.

යම් හෙයකින් මාර්ග සංවර්ධන අධිකාරියේ සංවර්ධන ව්‍යාපෘති වැනි ව්‍යාපෘති සඳහා මුදල් ප්‍රතිපාදන අවශ්‍ය වුවහොත් ඒ සඳහා ජනාධිපති සිරිසේන මහතා මැදිහත් වී මුදල් ලබා දෙන බව ද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කරයි.

අයවැය ලේඛනය ප්‍රමාද වීම:

කෙසේ නමුත් වාර්ෂික අයවැය ලේඛනය ප්‍රමාද වීම හේතුකොටගෙන ලබන වසරේ පළමු මාස තුන සඳහා මුදල් අමාත්‍යංශය විසින් යෝජනා ඉදිරිපත් කිරීමට සැළසුම් කර තිබෙන බවද ආටිගල මහතා පවසයි.

එම යෝජනාවන් අමාත්‍යංශ සඳහා වූ වාර්ෂික වියදම පදනම් කරගෙන සකස් කර ඇති අතර එය කැබිනට් අනුමැතිය සඳහා ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට යොමු කරන බවද ලේකම්වරයා සඳහන් කරයි.

ඒ අතර විදෙස් ණය ගෙවීම සඳහා ද ගත යුුතු පියවරයන් ඇතුළත් වන බව ආටිගල මහතා කියා සිටියි.

මේ අතර අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර මහතා පවසන්නේ ඉදිරි මාස කිහිපය තුළ නව ව්‍යාපෘති ආරම්භ නොකරන මුත් දැනටමත් ආරම්භ කර ඇති ව්‍යාපෘති ඒ අයුරින්ම පවත්වාගෙන යන බවයි.

(sundaytimes)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment