සර්ව පක්ෂ හමුව : මහින්දට බහුතරය ඇති බව ජනපති තවම සිතයි - එජාපය දිවුරා කියන්න සූදානම්

https://www.gossiplankanews.com/2018/11/maithri-all-party-meeting.html#more
නාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනපති ලේකම් කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික හමුවට අගමැති මහින්ද රාජපක්ෂ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ එජනිස එජා පෙරමුණ හා සුළු ජන පක්ෂ නියෝජිතයින් සම්බන්ධ වුණා. ජවිපෙ සහ කතානායක කරු ජයසූරිය මෙම හමුවට හිතමතා සම්බන්ධ වූයේ නැත.
මෙම හමුව සාමකාමී ලෙස පැවති අතර එහිදී 
රටේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය විසඳාලිමේ උවමනාව නැවත නැවත පැහැදිලි කිරීමට ජනපති වෙහෙස ගත් බව පැවසේ. කෙසේ වෙතත් විශ්වාස

භංග දෙකක් ඉදිරිපත් කර තිබියදීත් බහුතරය තවම මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිස සතු බවට ජනපති විශ්වාස කරන ආකාරයට කථාකිරීම මෙම සාකච්ඡාවට පැමිණි විපක්ෂ පිරිසට විමතිය දනවන කාරණාවක් වූ බව පැවසේ.
හරියට විශ්වාස භංගෙ ගෙනාවෙ නෑනේ යන්න ජනපති තවමත් කරන චෝදනාව වී තිබේ‍.
කෙසේ වෙතත් මෙහිදී එජාපය පවසා ඇත්තේ දෙවතාවක්ම විශ්වාසභංගය ගෙන ඒමෙන් පසු නැවත විශ්වාසභංගයක් ගෙන ඒමට අදහසක් නැති බවයි. ඒ වෙනුවට පාර්ලිමේන්තුවේදී බහුතරය කාට හිමිද යන්න පිළිබඳ යෝජනාවක් ගෙන ඒමේ හැකියාව ගැන ඔවුන් දන්වා ඇත.
කෙසේ වෙතත් මේ අවස්ථාවේ ජනපති මෛත්‍රිපාල සිිරසේන පවසා ඇත්තේ හරි එහෙම හැකියාව තියනවා නම් මට ලිඛිතව දෙන්න ලෙසිනි.
හෙට දිනයේ දී තමන්ට බහුතරය ඇති බව දිව්රුම් ප්‍රකාශ සහිතව ලිඛිතව පෙන්වන බව එහි දී එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.
ඒ අනුව හෙට පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ එක්සත් ජාතික පක්ෂය විසින් ලිඛිත බහුතරය පෙන්වීමට නියමිතය. එය පාර්ලිමේන්තු ක්‍රියාදාමයට පරිබාහිර කටයුත්තක් වනු ඇත.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment