ලෝන්ලි කන්ට්‍රි? : සංචාරකයන් වෙන්කිරීම් අවලංගු කරලා : කුලී රථ සේවාවන් ද බිඳ වැටෙයි.


2018 ලෝන්ලි ප්ලැනට් දර්ශකයට අනුව ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රටවල් අතරින් ලෝකයේ සියලු රටවල් අභිබවා ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ ශ්‍රීලංකාවේ සංචාරය කිරීම විදේශිකයන් ප්‍රතික්ෂේප කරමින් තිබේ.

ඉතිහාසයේ කිසිදු දිනක නොවූ විරූ ආකාරයෙන් හිල්ටන්, සිනමන් හෝටල් ජාලය හා ජෙට්වින් හෝටල් ජාලය ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ හෝටල්වල සංචාරකයන් විසින් සිදු කළ වෙන්කිරීම් අවලංගු වී ඇත.

එසේම කුඩා හා සුළු සංචාරක කර්මාන්තකරුවන් සිය සේවකයන්ට වැටුප් ගෙවා ගත නොහැකිව අර්බුදයට ලක් වී තිබේ. පවතින තත්වය හමුවේ මෙරට බැංකු පද්ධතියට මරු පහරක් එල්ල වී ඇත.

මේ නිසා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සමස්ත බැංකු පද්ධතිය දී ඇති ණය බොල් ණය බවට පත් වේදෝයි සැකයක් පවතින බව දේශපාලන විශ්ලේෂකයෝ පවසයි.

කුලී රථ සේවාවන් ද බිඳ වැටෙයි

පවතින දේශපාලන තත්වය හමුවේ මෙරට කුලී රථ සේවාවන් ද බිඳ වැටී ඇති බව වාර්තා වෙනවා. විශෞෂයෙන්ම මෙම සේවාවන් භාවිත කරන විදේශිකයන් ගේ පැමිණීම අඩු වීම සහ දේශපාලන තත්වය නිසා ඇති වී තිබෙන ආර්ථික අර්බුද හේතුවෙන් මෙම සේවාවන් භාවිත කරන පිරිස අඩු වී තිබෙනවා.

මේ නිසා කුලී රථ හිමියන්ට සිය ෆිනෑන්ස් වාරික පවා ගෙවීමට නොහැකි තත්වයක් උදා වී ඇති බව වාර්තා වෙනවා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment