ඝාතන කුමන්ත්‍රණ නාටකයේ මහමොලකරු නාමල් කුමාර : පොහොට්ටුවෙන් මැතිවරණයට.

   
දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ  පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර තිබේ.

තමන් අම්පාර දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කළ බවත් ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආශිර්වාද කළ බවද හෙතෙම පවසා සිටියේය.

පරිසරය රැක ගැනීමට හා වංචාවෙන් දූෂණයෙන් තොර රටක් නිර්මාණය කර ගැනීමට මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කළ බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment