ප්‍රසිද්ධියට අකමැති කූඹියෝ ටෙලි තිර රචක දමිත අතුරුදන්


කූඹියෝ ටෙලි නාට්‍යයේ තිර රචක හා සංස්කාරක ලෙස කටයුතු කළ දමිත චන්ද්‍රසිරි මහතා ඇතුරුදන්ව ඇතැයි වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
40 හැවැරිදි දමිතදින කිහිපයකට පෙර සිට අතුරුදන් බව පැමිණිල්ලේ දැක්වේ.

අනුරාධපුරයේ පදිංචි ඔහු නාවල තාවකාලිකව නවාතැනක සිටියදී අතුරුදන්ව ඇත.
අතුරුදහන් වීම පිළිබඳව කූඹීයෝ රචක ලක්මාල් ධර්මරත්න තබා ඇති සටහන මෙසේය.
හිතවතුනි ,
පසුගිය 24 (ඔක්)දා සිට දමිත සහෝදරයා අතුරුදන් බව සත්‍යයකි.මා විසින් මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ පැමිණිල්ලක් දැමූ අතර

මේ පිළිඹද facebook ඔස්සේ දැනුවත් නොකළේ ඔහු නැවත පැමිණියහොත් ඔහු මුහුණ දෙන අපහසුතාව ගැන කල්පනා කිරීමෙනි. නමුත් දැන් එය පොදුවේ ප්‍රවෘත්ති මාධ්‍ය වෙත නිකුත්වී ඇතිනිසා එය සත්‍යයක් බව මෙසේ සනාත කරමි.
දමිතයා facebook හෝ පාවිච්චි නොකළේ, කිසිම මාධ්‍යක පෙනී නොසිටින්නේ පුද්ගලිකත්වය ඌ ඉතා අගයකල බැවිනි. එබැවින් මගෙන් මීට කලකට පෙර දමිතයා ඉල්ලා සිටි පරිදි දිනක ඌ ගියහොත් සොයමින් කරදර නොකරන ලෙසට කළ ඉල්ලීම මගේ සහෝදරයා වූ ඌ වෙනුවෙන් මම හැකිපමණ ඉටුකරමි.
මා facebook පිටුවේ කවරයේ චායාරූපය ලෙස දැමූයේ දමිතයා තම ලැප්ටොප් තිරයේ අන්තිමට දමාගෙන සිටි පිංතූරයයි.
දමිතයා අන්තිම මොහොත දක්වා හැමවිටම ඉල්ලා සිටියේ ඌට නිදහස අත්‍යාවශ්‍ය බවයි. ඉතිං ඌ ඒ නිදහසේ කොහේහෝ ඇතැයි මම විශ්වාස කරමි සහ ඒ නිදහසට මම බාධා නොකරන්නට උත්සාහ කරමි.
මේ සම්බන්දයෙන් වැලිකඩ පොලීසිය පරීක්ෂණ පවත්වන අතර ඒ වෙනුවෙන් අපගේ උපරිම සහායදෙමින් සිටිමු.
දමිත ,
උඹ කොහේහෝ සිට උඹේ fake එකකින් හෝ කියවනවානම් අඩුම එක මැසේජ් එකකින් අපට උඹ ඉන්න බව කියන මෙන් ඉල්ලන අතර ඉන්න තැන කිසිසේත්ම අවශ්‍ය නැත. දමිතයාගේ කැමතිම චිත්‍රපටය කවදත් “Into the Wild ” ය.
මේ සටහන තබන්නේද දැන් මෙය ප්‍රවෘත්තියක් වී අවසන් නිසාවෙනි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment