පෙට්‍රල් ඩීසල් රුපියල් 10 කින් අඩු කෙරේ


පාර්ලිමේන්තුව අද දිනයේ රැස්වූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය රජයේ අවසන් වරට ඉන්ධන මිල අඩුකිරීමට විශේෂ වැඩපිළිවෙලක් තිබු බවයි.

ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක
මිල රුපියල් 125 දක්වා රුපියල් 10 කින් අඩුවන අතර, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 149 දක්වා රුපියල් 10 කින් අඩු වනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 101 දක්වා රුපියල් 05 කින් අඩුවන බවත් සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 121 දක්වා රුපියල් 10 කින් අඩු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ඒ සම්බන්ධව මුදල් අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් කරනු ඇති බවට අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment