කැබිනට් ඇමතිකම නුදුන්නට මාත් උසාවි යනවා -පියසේන ගමගේ

තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් නොලැබීමට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව ආණ්ඩුවට සහාය පළ කිරිම සඳහා එක් වූ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ පැවැසීය. කැබිනට් මණ්ඩලය දිවුරුම්
දීමෙන් පසුව ඇමැතිකමක්

නොලැබීම ගැන  කළ විමසුමකදී මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේය.

එයාගෙ වැඩේ එයා කළා. ඉතිරි ටික අපි බලා ගන්නම්. ඇමැතිකම් ඉල්ලාගෙන අපි එයා ළඟට ගියේ නෑ. දැන් දිවුරුම් දීලා ඉවරයිනේ. අධිකරණයට යනවා. අපිටත් පුළුවන් දේ අපි කරනවා. එක්සත් ජාතික පක්ෂයට එකතුවීම ගැන තවම අදහසක් නෑ. ඉදිරියේදී පුළුල් පෙරමුණක් යටතේ දේශපාලනය කරනවා යැයිද මන්ත්‍රිවරයා කීවේය.

මේ අතර ඊයේ මංගල සමරවීර ඇමතිවරයා දන්වා සිටියේ දින 50 රජයේ ඇමතිධූර ලබාගත් අයට එම ධූර දින 50 ආණ්ඩුව සම්බන්ධ 2019 ජනවාරි 18 අධිකරන තීන්දුව ලැබෙන තෙක් නැවත දැරීමට නොහැකි බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment