120 බස් පාරේ බයික් ඇක්සිඩන්ට් එක දැක උදව්වට ආ ප්‍රංශ වෛද්‍යවරිය

https://www.gossiplankanews.com/2018/12/120-french-doctor.html#more
තුරු පැදියක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලත් යතුරුපැදිකරුට ක්ෂණිකව ප්‍රතිකාර කිරීමට ඒ අසලින් ගමන් ගත් ප්‍රංශ ඡාතික වෛද්‍යවරියක
කටයුතු කිරීමේ සිද්ධියක් 120 බස් මාර්ගයේදී වාර්තා විය.

හොරණ සිට බණ්ඩාරගම දෙසට ගමන් ගත් මෙර් රථය සහ එම දිසාව ගමන් යතුරු පැදියේ පිටුපස ගැටෙනවාත් සමග යතුරු පැදිකරු මාර්ගයෙන් පිටතට විසිවී වැටී තුවාල සිදුවිය.
 ඒ සමගම ඊට පිටුපසින් පැමිණි සංචාරකයන් ගමන් ගත් බසයක් එකවරම නතර කර එහි ගමන්ගත් කාන්තාවක බැස තුවාල ලබා සිටි යතුරු පැදිකරුට ප්‍රතිකාර කිරිමට කටයුතු කළේය. ඒ සමග ඔහු සමග පැමිණි තවත් කාන්තාවක් සහ තවත් ශ්‍රී ලාංකික තරුණයකු ද ඇයට සහය දක්වා  ඇත.
1990 සුව සැරිය ගිලන්න් රථයක් එම ස්ථානයට පැමිණෙන තෙක් එම ප්‍රංශ ජාතික වෛද්‍යවරිය තුවාලකරුව අවශ්‍ය මූලික ප්‍රථමාධාර හා ප්‍රතිකාර කිරීමට කටයුතු කළාය.
අනතුරුව රෝගියා සුවසැරිය ගිලන් රථයෙන් රෝහලට රැගෙන යනු ලැබීය.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment