නවක වද දුන් සිසුවියක පේරාදෙණිය සංඝමිත්තා හොස්ටල් එකේදී අත්අඩංගුවට


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී නවක වදය සිදුකළ ජ්‍යෙෂ්ඨ සිසුවියක් අත්අඩංගුවට ගෙන ඇත. ඇයගෙන්
පහරකෑමට ලක්වූ නවක
සිසුවියන් තිදෙනෙක් පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබති. පසුගිය 22වනදා රාත්‍රියේ මෙම පහරදීම සිදුව ඇත්තේ විශ්ව විද්‍යාලයේ සංඝමිත්තා නේවාසිකාගාරයේදී.
රෝහල් ගතවීමෙන් පසු ඔවුහු රෝහල් පොලීසියට පැමිණිලි කළහ.
ඒ අනූව, පරීක්ෂණ ඇරඹූ පොලීසිය සැකකාර සිසුවිය අත්අඩංගුවට ගත්තේය. ඇය කලා පීඨයේ අවසන් වසර ශිෂ්‍යාවකි. සැකකාරිය අද(05) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලය මඟින් එක් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන අතර පොලිසියට ලද පැමිණිල්ලක් අනුව තවත් පරීක්ෂණයක් ක්‍රියාත්මකය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment