දින 13ක් වයසැති බිලිඳකු ඝාතනයට සැක මව හා අනියම් සැමියා රක්ෂිතයට

දින 13ක් වයසැති පිරිමි බිලිඳකු වත්තේ ළිඳ තුළට දමා ඝාතනය කළ බවට සැකකරන දරුවාගේ මව සහ අනියම් සැමියා ලබන 19 ක් දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මුතූර් මහෙස්ත්‍රාත් එම් එස්. සම්සුදීන්
මහතා නියෝග  කළේය. ඊට අමතරව මෙම දෙදෙනා මානසික  වෛද්‍යවරයකු හමුවට පමුණුවා ඒ පිළිබද වාර්තාවක් අධිකරණය හමුවට පමුණුවන ලෙසද මහෙස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.

රිමාන්ඩ් කරන ලද්දේ සේරුවිල පොලිස් බල ප්‍රදේශයට
අයත් කල්ලඩි මාවඩ්ඩිවේනෙයි ප්‍රදේශයේ පදිංචි දරුවාගේ මව වන ලෙස්ලි කාතන් යෝගේෂුවර් (33) හා අනියම් සැමියා වූ කාලිදාස ලෙස්ලි (37) නැමැත්තාය. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලෙස්ලි  කාත්තන් කවීෂාන් (දින 13) දරුවායි. අනියම් සැමියා වන කාලිරාසාගේ විවාහක බිරිය විදේශ ගතව සේවයට ගොස් ආපසු පැමිණ ඇත්තේ මීට මාස දෙකකට ඉහතය.

 ඒ ආ අවස්ථාවේ සිය ස්වාමියාගේ මෙම අනියම් සම්බන්ධය දැනගෙන දෙදෙනා අතර නිතර නිතර අඬදබර ඇතිවී ඇත. මේ ආරවුල අවසානයේ මියගිය දරුවාගේ මව හා මෙම සැකකරු අතටද පැමිණ ඇති අතර එහි අවසානය සිදුව ඇත්තේ දෙදෙනාම එකතුව මෙම දරු පැටියා ළිඳට දමා ජීවිතක්ෂයට පත් කිරීම බව අධිකරණයේදී අනාවරණය විය. සේරුනුවර වැඩ බලන පොලිස් ස්ථානාධිපති පො.සැ. හේරත් මහතාගේ උපදෙස් පිට වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

-ඩබ්.එම්.වික්‍රමසිංහ-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment