රනිල් - මෛත්‍රී ඊයේ රෑ හමුවූ බවටත් දිවුරුම්දීම හෙට බවටත් කටකතාවක්


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) රාත්‍රියේ හමුව ඇතැයි දේශපාලන ලෝකයේ රාවයක් පැතිර පවති. මෙම හමුව සඳහා කරු ජයසූරිය කතානායකවරයාද හමුව ඇතැයි වාර්තාවිය.

ඊයේ තමන් තවදුරටත් රනිල් ප්‍රතික්ෂේප කරන බවට සන්ධාන රැස්වීමේදී ජනපති පවසා තිබීම සිදුවුවත් මෙම හමුවීම සිදුව ඇත්තේ මහින්දගේ අනුදැනුම
මත බවත් වාර්තා වන අතර
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 'අමාත්‍ය මණ්ඩල' සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ තින්දුවෙන් පසුව මහින්ද ඉවත්වී ප්‍රබල විපක්ෂ නායකයෙකු ලෙස ඉදිරියේ සිය භූමිකාව සකසා ගන්නට තීරණය කිරීම නිසා
බොහෝවිට හෙට (15) දිනයේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් මෙම ආරංචි නිල වශයෙන් තහවුරු කර නැත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment