225ම කැමති වුනත් රනිල්ට අගමැතිකම දෙන්න මට බෑ බෑ බෑමයි -මෛත්‍රී

https://www.gossiplankanews.com/2018/12/225-maithri-rejects-ranil-again.html
ටේ අගමැති ධූරයට අතුරු තහනම් නියෝගයක් තිබියදී අද රාත්‍රී එජා පෙරමුණ සමග ජනපති පැවැත්වූ සාකච්ඡාව ඇතිවූ අර්බුදයට කවර හෝ විසඳුමක් ගෙන එන්නක් වනු ඇතැයි බොහෝ දෙනෙකුට බලාපොරොත්තු ඇතිව තිබුණි. නමුත් රාත්‍රී 9.45 ට පමණ අවසන් වූ එය මුළුමනින්ම අසාර්ථක වූ බව
හිටපු ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල දන්වා තිබේ.
පාර්ලිමේන්තුවේ බහුතරයකගේ මතය මේ අවස්ථාවේ එජා පෙරමුණේ

අගමැති අපේක්ෂකයා අගමැති කරවීම බව පෙන්වා දුන් විට ඒ කවුදැයි අසා ඇති ජනපතිට ඒ රනිල් මිස වෙන කවුරුදැයි සාකච්ඡාවට ගිය අය පෙන්වා දී ඇත.

පාර්ලිමේන්තුවේ 225ම අත්සන් කර තමන්ට නිර්දේශ කළත් රනිල් වික්‍රමසිංහට තමා අගමැතිකම යළි නොදෙන බව ජනපති එහිදී  කියා තිබේ.රනිල් හැර වෙනත් විකල්පයක් තමන්ට නැති බව එජා පෙරමුණ මෙහිදී දන්වා ඇතත් ජනපති නම්‍යශීලී වී නැත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතික පෙරමුණෙහි මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමඟ පසුගිය සිකුරාදාද මේ ගැන සාකච්ඡා කළ අතර ඒ වනවිට අගමැති ධූරයේ පුරප්පාඩුවක් නොතිබිණි.
නමුත් අධිකරණ තීන්දු වලින්ද මහින්දගේ තනතුරට වාරණ පනවා සියල්ල සිදුවෙද්දී මෙම තීරණය වෙනුවෙන් ජනපතිගේ කැමැත්ත ලැබී නැත.

ඒ අනුව රටේ අගමැති ධූරය පිලිබඳ කිසිදු තීරණයක් නොගෙන රැස්වීම අවසන් කර ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment