දැන් අගමැති කෙනෙක් නෑ මං පැය 24 ක් තුළ තීන්දුවකට එනවා - ජනපති


අද (3) සවස ලැබුණ නඩු තීන්දුව ප්‍රකාරව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරය හිස්ව පවතින බවත් තමා පැය 24 ක්
තුළ මේ සම්බන්ධ තීන්දුවක් ගන්නා බවත්
ජනපති මෛත්‍රිපාල සිරිසේන අද (3) සවස ටීඑන්ඒ නියෝජිතයින් සමග පවසා තිබේ.
පසුගිය සිකුරාදා ටීඑන්ඒ සමග පැවති සාකච්ඡාවෙන් පසු අද 3 සඳුදා නැවත ඔවුන් මුණගැසීමට ජනපති වේලාවක් ලබාදුන්නේ ඔවුන්ගේ ද්‍රවිඩ සිරකරුවන් පිලිබඳ ප්‍රශ්නය සාකච්ඡා කිරීමටයි. එම සාකච්ඡාව ඇරඹෙන විට අධිකරණ තීන්දුව ලැබී තිබුණ නිසා ජනපති මේ ගැනද පවසා ඇත.
මේ අතර අද රාත්‍රී 8 ට එජා පෙරමුණ සමග සාකච්ඡාවක්ද පැවැත්වෙන අතර එහිදී ජනපතිගේ අවසන් තීන්දුව තීරණය වනු  ඇත.
අද දහවල් වනවිටත් තමන්ගේ අගමැති රනිල් පමනක් බවට එජා පෙරමුණ නැවත ප්‍රකාශ කර තිබුණ අතර ජනපතිට එයට එකඟ වීම හෝ නොවීම පමණක් තීන්දු කළ යුතු යයිද ඔවුන් පවසා තිබුණි.
ටීඑන්ඒ සාකච්ඡාව ගැන ඔවුන් පළ කළ ට්විටර් පණිවිඩය පහතින්


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment