කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව තිස් දෙක දක්වා වැඩි කරගැනීමට ව්‍යවස්ථානුකූලව අවස්ථාවක් පවතින බව එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අදාළ දැනුම්දීම සිදුකර ඇත.
ඒ අනුව වාර්තා වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට හිමිවන අමාත්‍ය ධුරවලට අමතරව තවත් අමාත්‍ය ධුර 30ක් පත් කිරීමට හැකියාව පවතින බව අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී ඇති බවය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සිරිසේන ජනාධිපති දක්වා ඇති ප්‍රතිචාරය වාර්තාවී නොමැත.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)

0 comments :
Post a Comment