සෑම අමාත්‍යංශයක ම ප්‍රචාරණයටත් මුදලක්.


ආණ්ඩුවේ පළමු කාර්යය වශයෙන් ප්‍රචාරය සඳහා සෑම අමාත්‍යංශයකටම කිසියම් මුදලක් වෙන් කළ යුතු බවට තමා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂ මිගමුව ආසන බල මණ්ඩල රැස්විම ඊයේ (22) පස්වරුවේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මිගමුව පිටිපනදි පැවැත්විය.

එහිදි අදහස් දක්වමන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

තවද, තම පාර්ශවයට ආණ්ඩුව ගත් පසු පළමුව සිදුකළ යුත්තේ ප්‍රචාරණය බවත් ජනතාව දැනුම්වත් කිරිම සඳහා සෑම අමාත්‍යංශයකින්ම මුදක් වෙන් කර යුතු බවත් තමන් අග්‍රාමාත්‍යවරයාට පැවසු බව අමාත්‍යවරයා එහිදි පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment