ඝාතන කුමන්ත්‍රණය බූමරංගයක් වෙයි : නාමල් කුමාර ආරක්ෂක ප්‍රධානියකු ඝාතනය කිරීමට යෝජනා කරලා.

ජනාධිපති සිරිසේන ඝාතන කුමන්ත්‍රණයක් ගැන කියමින් රටම කැළඹු නාමල් කුමාරගේ නාඩගම දැන් ඔහුටම පාරාවළල්ලක් වන තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වෙයි.

ඒ විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට දැනට සිදුකරන විමර්ශන වලදී නාමල් කුමාරගේ හඬපට පරික්ෂා කිරීමේදී මෙරට ආරක්ෂක ප්‍රධානියකු ඝාතනය කිරීමට නාමල් කුමාර විසින් සිදු කළ යෝජනාවක් අඩංගු හඬපටයක් ද සොයා ගැනීමට පරීක්ෂණ කණ්ඩායම් සමත්ව සිටින නිසාය.

නාමල් කුමාරගේ ජංගම දුරකථනය හොංකොං බලා රැගෙන ගිය නිලධාරීන් පසුගිය 14 වැනිදා නැවත ලංකාවට පැමිණි අතර එහිදී අදාළ විශේෂඥවරුන් විසින් එම ජංගම දුරකථනයේ මකා දමා තිබූ හඬ පට ගණනාවක් සොයා ගෙන එම හඬ පට ඇතුළත් කරන ලද දත්ත බහාලු (පෙන් ඩ්‍රයිව්) සහ එම විශේෂඥවරුන්ගේ වාර්තාවක්ද ලබාදී තිබිණි.

එය පසුගිය 19 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන් භාරයේ ඇති අදාළ හඬ පට හා අදාළ වාර්තාවේ පිටපත් ආශ්‍රයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයේ විමර්ශන ස්කොට්ලන්ඩ්යාර්ඩ්  පොලිසියට !

මේ අතර ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයට අදාළ පරීක්ෂණ බ්‍රිතාන්‍යයේ (ස්කොට්ලන්ඩ්යාර්ඩ්) පොලීසියට පැවරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයිද  වාර්තා වේ.

ආරක්ෂක, නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ මෙම තීන්දුව ගැන පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද දැනුම් දී ඇති බව පැවසේ.

මේ ගැන තොරතුරු හෙළිදරව් කළ නාමල් කුමාරගේ හඬපට මෙන්ම මූලික පරීක්ෂණ වාර්තාද (ස්කොට්ලන්ඩ්යාර්ඩ්) පොලීසියට යැවෙනු ඇති අතර අනතුරුව ස්කොට්ලන්ඩ්යාර්ඩ් පරීක්ෂකයන් ශ්‍රී ලංකාවට පැමිණ පරීක්ෂණ සිදුකරනු ඇතැයි “දේශය” පුවත්පතද  වාර්තා කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment