සුනාමි බේබි 81ට දැන් අවුරුදු 14යි

https://www.gossiplankanews.com/2018/12/tsunami-baby-81-now-14-year-age.html
මීට දහහතර වසරකට පෙර 2004 සුනාමි ඛේදවාචකයෙන් දින 52ක් අතුරුදන්ව සිටි කල්මුණේ  ප්‍රදේශයේ බිළිඳෙකු පිළිබඳව ලොව පුරා සියල්ලන්ගේම අවධානය යොමු විය. මව්වරු නව දෙනෙක් එදා කල්මුණේ රෝහලට පැමිණියේ බේබි 81 නමින් ලොව පුරා ප්‍රචලිත වූ ජෙයරාජ් අභිලාෂ්ගේ
අයිතිය ඉල්ලමිනි.
විටෙක දරුවා තමන්ගේ

යැයි පවසමින් යුවලක් දරුවා පැහැරගෙන යාමට පවා උත්සාහ දැරූ අතර අවසානයේ ගැටලුව විසඳීමට සිදුවුණේ කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයටයි.

පසුව යුනිසෙෆ් ආයතනයේ ද සහාය ඇතිව බොරැල්ල ජින්ටෙක් ආයතනයේ සිදුකෙරුණු DNAපරීක්ෂණයකින් පසු දරුවා පැහැරගෙන යාමට උත්සාහ කළ ජෙනිටා ජෙයරාජා සහ මුරුගපිල්ලේ ජෙයරාජා යන දෙදෙනාට අභිලාෂ්ගේ අයිතිය හිමි විය.

සුනාමියට ඊයේට (26) වසර 14ක් ගතවෙන දවසේ එදා මුළු ලෝකයම කතා කළ, එහෙත් අද කතා නොකරන සුනාමි බේබි 81 නොහොත් ජෙයරාජා අභිලාෂ්ද සුනාමි සැමරුමකට එක්විය. ඔහුට දැන් වයස අවුරුදු 14කි.

ඔහු මඩකලපුව කුරුකල්මඩම් ප්‍රදේශයේ ජීවත්වන අතර මඩකලපුව සෙට්ටිපාලයම් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරයි. මාධ්‍ය අමතමින් ඔහු පැවසුවේ තමාට සුනාමිය ගැන කිසිදු මතකයක් නැති නමුත් තම දෙමාපියන්ගෙන් ඒ ගැන අසාගෙන තිබෙන බවයි.
එම වීඩියෝව පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment