ජර්මනිය සම්බන්ධව කරුණු විකෘති කරන්න එපා : ජර්මන් තානාපති සිරිසේනට දන්වයි.


මාස 6ක පමණ කාලයක් ආණ්ඩුවක් නොමැතිව ජර්මන් චාන්සලර්වරිය විසින් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරවූ බවට ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශයට මෙරට ජර්මන් තානාපතිවරයා සිය අප්‍රසාදය පලකර තිබේ.

මෙරට ජර්මන් තානාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ තම රටේ නම ඈදා ගනිමින් ජනාධිපතිවරයා සිදුකර ඇති ප්‍රකාශ කරුණු විකෘතිකර දැක්වීමක් බවය.

පසුගිය දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ යම් අර්බුධ හේතුවෙන් ආණ්ඩුවක් නොමැතිව ද ලෝකයේ රටවල් කටයුතු කර ඇති බවත් මෙම වසර මුලදී ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කල් ද එවැනි දේශපාලන අර්බුධයකට මුහුණ දී ඇති ඇති බවත්ය. එවිට ඇය බහුතර බලයක් සකස් කර ගැනීම සඳහා මාස 6කට අධික කාලයක් ගත කර ඇතැයි ද ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර ඇත.

එම ප්‍රකාශය සම්පූර්ණයෙන් බැහැර කරන මෙරට ජර්මානු තානාපතිවරයා පවසා සිටියේ එම ප්‍රකාශ සිය වාසිය සඳහා සිදුකර ඇති බවය. 

මැතිවරණයකින් අනතුරුව ජර්මනියේ ඇතිවූ දේශපාලන වාතාවරණය හා පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපතිවරයා සිදුකළ කුමන්ත්‍රණය එකිනෙකට හාත්පසින්ම වෙනස් තත්වයන් බවත් ජර්මනියේ ඇති වූ තත්වය උදාහරණයට ගනිමින් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සිදු වූ ව්‍යවස්ථාමය අර්බුදය සාධාරණීකරණය කළ නොහැකි බවත් ඔහු ජනාධිපතිවරයා වෙත දන්වා ඇත.

ජර්මන් තානාපතිවරයා මේ සම්බන්ධව මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා කර ඇති බවත් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ඉල්ලා සිටිය ද එය මෙතෙක් නොලැබුණු බවත් වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment