සිරිසේන සංචාරක කර්මාන්තයෙන් පළිගනියි : රාජ්‍ය ආයතනවල රැස්වීම් හෝටල්වල තහනම්.
රාජ්‍ය ආයතනවල පැවැත්වෙන විවධ රැස්වීම් හා උත්සව, වැඩසටහන් පෞද්ගලික හෝටල්වල පැවැත්වීමට සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපති සිරිසේන තීරණය කර තිබෙනවා.
ඊයේ (06) සිට මෙම නියෝගය ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මීට හේතු වී ඇත්තේ ජනාධිපති සිරිසේන ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවීමට නියමිතව තිබූ සංචාරක සම්මාන උළෙල වර්ජනය කිරීමට සංචාරක කර්මාන්තයේ ප්‍රධානින් තීරණය කිරීමත් සමඟයි.
රටේ දේශපාලන අර්බුදයක් හා ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් නිර්මාණය කර සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටීමට ඉඩ සළසමින් අද වන විට සිදු වී ඇති තත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු ජනාධිපති සිරිසේන ට ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සම්මාන උළෙල සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඔවුන් සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.
මෙම සම්මාන උළෙල කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදි ඊයේ (06) පැවැති අතර එයට ජනාධිපතිවරයා පැමිණියේ නැත.
යම් හෙයකින් ජනාධිපතිවරයා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වුව හොත් සම්මාන උළෙලේ දි සම්මානලාභීන් ලෙස සිය නම් නිවේදනය කළහොත් එම සම්මාන ගැනීමට වේදිකාවට නොපැමිණෙන බවට සංචාරක කර්මාන්තයේ ප්‍රධානින් තීරණය කර තිබිණ.
මීට පෙර මෙම සම්මාන උළෙල සංවිධාන කරන මුල් අදියරේදි සංචාරක සංවර්ධන අධිකාරිය මෙහි ප්‍රධාන අමුත්තා ලෙස ආරාධනා කිරීමට සැළසුම් කර තිබුණේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටයි. නමුත් ඔක්තෝබර් 26 වැනිදා සිරිසේන ගේ කුමන්ත්‍රණයත් සමඟ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩොරිස් මහතාට ආරාධනා කිරීමට සැළසුම් කර තිබුණා.
කෙසේ නමුත් සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් උපාලි රත්නායක සංචාරක කර්මාන්තය හාන්සි කළ, දේශපාලන කුමන්ත්‍රණයේ නියමුවා වන ජනාධිපතිවරයාට ආරාධනා කිරීමට තීරණය කර තිබූ බව කලම්බු ටෙලිග්‍රාෆ් පුවත් සේවය පවසනවා.
පසුගිය මාසයේ දේශපාලන කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස සංචාරක කර්මාන්තයේ මෙම බිඳ වැටීමත් සමඟ සංචාරක කර්මාන්තයෙට සම්බන්ධ ක්ෂේත්‍රවල නියැළෙන 300,000ට වැඩි ප්‍රමාණයක් පිඩාවට පත් වුණා. ඒ හේතුවෙන් එම ක්ෂේත්‍රව ආදායම සීඝ්‍ර ලෙස පසු බැස තිබෙනවා.

0 comments :
Post a Comment