හිටපු අගවිනිසුරුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්


අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාර්ය හේවා වඩුගේ සිරිල් සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළේය.

පෙත්සම්කරුවන් කියා සිටියේ ඉකුත් තුන් වනදා ජාතික එකමුතුව මඟින් මරදාන ප්‍රදේශයේ පැවැත්වූ රැස්වීමකදී අදහස් පළ කළ හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.

හිටපු අගවිනිසුරුවරයාගෙ මෙම ක්‍රියාකලාපය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන මෙන්ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment