නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් එජාපයට : මහින්දට විපක්ෂ නායක කමත් නැහැ?
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් ඉදිරියේදී එජාපෙ ආණ්ඩුවට එක්වීමට නියමිත බව 'අද' පුවත්පත වාර්තා කර ඇත.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට ඉරිදා දිනයේදී දිවුරුම් දීමත් සමගින් නව ආණ්ඩුවක් පිහිටුවන අතර එහි දිවුරුම් දෙන අමාත්‍ය මණ්ඩලයේදී නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ද ඇමතිධූර කිහිපයක් ලැබෙනු ඇතැයි වාර්තා වෙයි.
එය එක්සත් ජාතික පෙරමුණේ අාණ්ඩුවක් හෙයින් අමාත්‍යධුර සංඛ්‍යාව 30කට සීමා වන අතර රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව 45කට සීමා වෙනු ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂයත් සමග හවුල් ආණ්ඩුවකට නොයන බව අවධාරණය කර සිටින එහි නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රීලනිපයේ යම් මන්ත්‍රීවරයකු හෝ පිරිසක් එජාපෙ ආණ්ඩුවට එක්වුවද ඒ සම්බන්ධයෙන් විනයානුකුල පියවර නොගන්නා බවට සහතික වී ඇත.
TNA ආණ්ඩුවට එක නොවේ!
ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කර රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැති කරවීම සඳහා දෙමල ජාතික සන්ධානය පුළුල් සහයක් ලබා දුන් නමුත්, එජාපෙ ආණ්ඩුවට එක්වී මැති ඇමතිකම් ලබා නොගැනීමට එම පක්ෂය තීරණය කර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය සාදාගැනීම සඳහා සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් මැති ඇමතිවරුන් ලෙස එක්කර ගනිමින් එජාපෙ ආණ්ඩුවක් සැදීමට ඊයේ රාත්‍රී සිට සාකච්ජා ආරම්භවී ඇත.
මහින්දට විපක්ෂ නායක කමත් නැහැ?
මේ අතර විපක්ශ නායක ධූරය සඳහා නිමල් සිරිපාල ද සිල්වා හෝ දුමින්ද දිසානායක නම් කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇති බවට වාර්තා වේ.
0 comments :
Post a Comment