හරීන්ගෙන් දැනෙන වෙනසක් : ක්‍රිකට් තරඟ යළිත් දේශීය නාලිකාවලින්.


ඕස්ට්‍රේලියානු සංචාරයේ සිට ශ්‍රී ලංකාව සහභාගී වන ජාත්‍යන්තර ක්‍රිකට් තරග දේශීය රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. 

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිට දූෂණ විරෝධී ඒකකයේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට බලාපොරොත්තුවෙන් සිටින බව පැවසූ හරීන් ප්‍රනාන්දු මහතා, එම ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂල් මහතාව ලබන 27 වනදා ඩුබායිහි දී හමුවීමට නියමිත බව ද ප්‍රකාශ කළේය.

ක්‍රිකට් සංගම් පිහිටුවා ඒවා දේශපාලනීකරණය කිරීම හේතුවෙන් ලංකාවේ ක්‍රිකට් විනාශ වී ගිය බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

මහේල, සංගක්කාර, මහානාම සහ සිදත් වෙත්තමුණි යන හිටපු ක්‍රීඩකයින් හමුවී ඔවුන්ගේ සහයෝගය ලබා ගන්නා බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිසිදු තැනකට ගෙන ඒම තමන්ගේ එකම බලාපොරොත්තුව බවත් ඒ මහතා සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment