පොලිස්පතිට අාරක්ෂක මණ්ඩලය තහනම්.


රාජ්‍ය ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා වූ රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත ජයසුන්දරගෙන් නිදහසට කරුණු විමසීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේ.

මෙයට හේතු වී ඇත්තේ සති කිහිපයකට පෙර රජයේ ආරක්ෂක මණ්ඩලයේදී ගනු ලැබූ තීරණයක් ගැන රාජ්‍ය ආයතන ගණනාවකට ලිඛිතව දැනුම් දීමට පොලිස්පතිවරයා ක්‍රියාකිරීම බව කියැවේ. පසුව එම රාජ්‍ය රහස් ඇතුළත් ලිපිය මාධ්‍යයටද හෙළිදරව් වී තිබිණි. එනිසා පසුගිය සතියේ සිට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා රාජ්‍ය ආරක්ෂක මණ්ඩලයේ නිල සාකච්ඡාවලට සහභාගි කර ගැනීම අත්හිටුවා ඇත. පසුගිය සතියේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට පොලිස්පති වෙනුවට කැඳවා තිබුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාය.

ඉදිරි සතියේදී මෙම කාරණයට අදාළව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් පොලිස්පතිවරයාගෙන් නිදහසට කරුණු විමසනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි පවසයි. අනතුරුව ඒ ගැන විනය පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බවද කියැවේ.

(දේශය)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment