කුමාර වෙල්ගම පොදු අපේක්ෂකයා වෙන්න කැමතිලු

අද (05) පාර්ලිමෙන්තු සංකීර්ණයේදි මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් මේ දක්වා සඟවාගෙන තිබූ රහසක් පාර්ලිමෙන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම හෙලි කළේය. ඒ තමන්ගේ පොදු අපේක්ෂක සිහිනයයි.ඔහු පසුගිය
කාලයේ වෙනත් ආකාරයක
මගක් ගනිමින් මහින්ද පිල සමග එ්ක රේඛියව කටයුතු නොකළ අතර මහින්දට විරුද්ධ නොවන නමුත් මෛත්‍රී සමග ගනුදෙනු රුස්සන්නේ නැති බව කියූ නිසා එජාපයේ අයද ඔහු කරන කියන දෑ ගැන අවධානයෙන් කටයුතු කර තිබුණි.
මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයත් සමගින් පොදු අපේක්ෂකයා වීමට ආරාධනාවක් පැමිණියහොත් තමා එය භාරගැනීමට සූදානම් බව පාර්ලිමෙන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසන්නේ ඒ අනුවයි. ඔහුගේ අපේක්ෂාව ඊළඟ ජනපතිවරණයකදී ස්නදානයේ පොදු අපේක්ෂකයා වන්නටය.

පවතින දේශපාලන ආරවුල් සතියක් ඇතුළත විසදාලන බවට ජනාධිපතිවරයා ඊයේ (04) කළ ප‍්‍රකාශ කළත් ඒ පිළිබඳ විශ්වාසයක් නොමැති බව ඔහු කියයි.2015 මහ මැතිවරණය අවස්ථාවේදිත් සියලු දෙනාට එක්ව තරඟ කරන ලෙස ජනාධිපතිවරයා පැවසූ නමුත් මැතිවරණය ඔන්න මෙන්න තිබියදී මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිකම නොදෙන්න ජනාධිපතිවරයා පැවසූ බව තමන්ට මතක බව කියූ ඔහු මේ මොහොතේ ඇතිව තිබෙන්නේ එවැනි සමාන තත්වයක් බව දන්වා සිටියේය.
 මෛත්‍රීට අගමැතිවරුන් සම්බන්ධයෙන් 'ඇලජික්' එකක් ඇති බව ඔහු කීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment