එජාප මන්ත්‍රී හමුවේ දී හිරුණිකාගෙන් මලික්ට හාද්දක්.

   
එක්සත් ජාතික පෙරමුණෙ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර මහත්මිය විසින් එක්සත් ජාතික පෙරමුණේ හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාවෙත් උණුසුම් හාදුවකින් සිය කෘතවේදීත්වය පිරිනමා තිබෙනවා.

ඒ ඊයේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීයි. මෙහිදී මලික් සමරවික්‍රම මහතා පවසා තිබුණේ තමන් පක්ෂය වෙනුවෙන් කැපවන බවත් අමාත්‍යධුරයක් භාර නොගැනීමට තීරණය කළ බවත්ය.

එම ප්‍රකාශයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු උද්දාමයට පත්ව උණුසුම් අත්පොළසන් නාදයක් ලබා දී තිබේ. ඉන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මලික් සමරවික්‍රම මහතා අභියසට ගොස් මෙසේ උණුසුම් හාදුවක් ලබා දී ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment