කොරියානු කාන්තාවකගේ දිවි බේරාගත් නිසා වීසා නැතිව සිටි නිමල් අවසානයේ වීරයෙකුවී කොරියානු පුරවැසිකමත් ලබයි

https://www.gossiplankanews.com/2018/12/SriLankan-given-pr-korea-after-saving-woman.html#more
ශ්‍රීලංකාවේ සිට දකුණු කොරියාවේ රැකියාවක් සඳහා ගොස් සිටි තරුණයෙකු එරටදී ගින්නකට මැදිවූ කාන්තාවකගේ ජීවිතය බේරාගැනීම හේතුවෙන් එරට විශේෂ ඇගයීමකට ලක්වීමේ පුවතක් විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
හසලක මිනිපේ පදිංචි නිමල් බණ්ඩාර (38) නමැති ඔහු 2013දී කොරියාවේ එල්ජී සමාගමේ රැකියාවකට ගොස් තිබූ අතර 2016දී ඔහුගේ වීසා කාලය අවසන් විය. නමුත් ඔහුට
මාසයකට වොන් ලක්ෂ 5 ක් (රුපියල් 80000) පමණ උපයන රැකියාව දමා ඒමට සිත් නොදුන් අතර ඔහු නීති විරෝධී ලෙස එහි රැඳී සිටියේය. මේ අතර 2017 පෙබරවාරි මස ඔහු වාසය කළ Goro-myeon දිස්ත්‍රික්කයේ orchard හි නිවසක ගින්නක් හටගෙන තිබූ අතර එම නිවසේ 90 හැවිරිදි කාන්තාවක වාසය කරන බව දැනසිටි ඔහු

ඇය ගින්නට හසුවී ජීවිතයට අනතුරක් වේය යන උපකල්පණයෙන් ගින්න මැදින් ගොස් ඇයව බේරාගෙන එළියට ආ බව කියැවේ. මෙම සිද්ධියෙන් වයස්ගත කාන්තාවගේ ජීවිතය බේරුණ අතර නිමල්ටද පිලිස්සුම් තුවාල ඇති විය. නිමල්ගේ ගෙළ. අතේ මැණික් කටුව, හිසටද තුවාල සිදුවිය. ඔහුට විෂ වායු ආඝ්‍රාණය නිසා පෙනහළු දුර්වල වූ අතර මාස කිහිපයක් ප්‍රතිකාරද ලැබුවේය.
තම ජීවිතයද පරදුවට තබා කොරියානු කාන්තාව බේරාගැනීම වෙනුවෙන් ඒ දිනවල ඔහු විවිධ ඇගයිම් වලට භාජනය විය. මාස කිහිපයකින් ඔහු වැඩ කළ සමාගමේ "LG Honor" නමැති ගෞරව සම්මානයට ඔහු ලක්වූ අතර එම ත්‍යාග මුදල වොන් මිලියන 30 ක් (රුපියල් ලක්ෂ 48 ක්) විය.
කෙසේ වෙතත් ඔහුගේ වීරක්‍රියාව සලකා නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව ඔහු කොරියාවේ රැඳී සිටීම මත ඔහු එරට රජයට ගෙවිය යුතු වොන් මිලියන 10 දඩය නොසලකා හරින්නට Daegu ආගමන විගමන කාර්යාලය තීරණය කළ අතර ඊයේ කොරියානු පුරවැසිභාවය ප්‍රදානය කිරීමට එරට රජය පියවර ගන්නා ලදි.
 ඔහු ගැන කොරියානු රූපවාහිනියේ පළවූ වාර්තා වැඩසටහන පහතින්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment