වැඩ බැරි නීතිපති ඉල්ලා අස්විය යුතුයි : කුමන්ත්‍රණ ආණ්ඩුවේ මන්ත්‍රී යෝජනාවක්.

පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ ගැසට් නිවේදනය ජනාධිපති සිරිසේන නිකුත් කිරීමට පෙර නීතිපතිවරයා එහි ඇති නෛතික වලංගුභාවය සම්බන්ධව නිවැරදි නීති උපදෙස් ලබාදීමට නීතිපතිවරයා කටයුතු නොකිරීම හමුවේ නීතිපති ජයන්ත ජයසූරිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතුව ඇති බව කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දැක්වූ මන්ත්‍රීවරුන් අවධාරණය කර ඇත.

ඒ අද (13) ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමඟ එම මන්ත්‍රීවරුන් අතර පැවති විශේෂ හමුවකදීය.

එහිදී නීතිපතිවරයා ජනාධිපතිට නිවැරදි නීති උපදෙස් නොදීම පමණක් නොව තමන්ගේ දුර්වලතා වසා ගැනීම වෙනුවෙන් පෙත්සම් විභාගය හමුවේ බොළඳ නීති තර්ක ඉදිරිපත් කල බවත් ඒ හමුවේ සමස්ථ ලෝකයාම හමුවේ තමන් අපකීර්තියට පත්වීම ගැනද ඔවුන් අවධානය යොමුකර ඇත.

වාර්තා වන ආකාරයට කුමන්ත්‍රණ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ අදහසවී ඇත්තේ සිය රාජකාරිය නිසිලෙස සිදුකිරීමට අසමත්වීම මත නීතිපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

මේ අතර නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ නීතිපතිවරයා සිය ධූරයේ රාජකාරි නිසිලෙස සිදුකරේ නම් දේශපාලන අර්බුදය මෙතරම් කාලයක් දිග්ගැස්සීමට නොදී වළක්වා ගන්නට තිබු බවය. නීතිපතිවරයා යනු ජනාධිපති හෝ ආණ්ඩුවේ විධාන නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී වුවත් ඒ වෙනුවෙන් නීති සිදුරු සොයන්නා නොවන බවත් ඔවුන්ගේ අදහස වී ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment