රනිල් නැවත පත් නොකරන බව සිරිසේන යළිත් කියයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග ආණ්ඩුවක් කිරීමට බලාපොරොත්තුවක් නැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ යැයි සන්ධාන මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු අතර පැවැති සාකච්ඡාවේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

අද පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණ.

“රනිල් වික්‍රමසිංහ සමග ඉදිරි ආණ්ඩුවක් කිරීමට බලාපොරොත්තුවක් නැති බව (ජනපති) ප්‍රකාශ කළා. ඒ තීන්දුවේ එතුමා දිගටම ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 23 දෙනාට ආණ්ඩුවේ කොටසක් වෙන්න කිසිම අවස්ථාවක එපා කියලත් කිව්වා. අපි 95 දෙනා එකට ඉදලා දේශපාලන තීන්දුවක් ගැනීමටත්, හෙට හැන්දෑවට නඩු තීන්දුවක් තියෙනවා. ඉන් පස්සේ අපේ දේශපාලන තීන්දුව ගන්නවා. ආණ්ඩුවේ ඉන්නවාද නැත්ද යන්න එහිදී තීරණය කරනවා.”

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment