රනිල්ට බහුතරය නැති බව අද පෙනුනා - දිනේෂ්


පාර්ලිමේන්තුවේ අද (12) පැවැත්වුණ ඡන්ද විමසීමෙන් පැහැදිලිවම පෙනුනේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ
මහතාට බහුතර බලයක් නැති බව

යැයි කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා  අද (12) පැවසීය.

හිටපු අගමැතිවරයාට සහය පළකිරීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ යෝජනාවට ඡන්ද 117ක් ලැබුණු බවට කතානායකවරයා විසින් නිවේදනය කළද ඉන් ඡන්ද 14ක් එක්සත් ජාතික පක්‍ෂය සමඟ එක්නොවන බව පවසන ද්‍රවිඩ ජාතික සංධානයේ ඡන්ද යැයිද මන්ත‍්‍රීවරයා කීය.

ඒ අනුව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයට සැබෑවටම ලැබුනේ ඡන්ද 103ක් පමණක් යැයිද කී මන්ත්‍රීවරයා ඒ අනුව තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවකගේ සහය තිබෙන බවට එක්සත් ජාතික පක්‍ෂය කරනු ලබන ප‍්‍රකාශ සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවට නැවතත් තහවුරු වූ බවද ඔහු කීය.

නාලක සංජීව දහනායක සහ සුජිත් හේවාජුලිගේ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment