දෙරණට ඇවිත් අධිකරණයට අපහාස කළැයි රන්ජන් රාමනායකට නොතීසි


අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා   නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක
මහතාට සහ නීතීපතිවරයාට  ලබන   07 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි  අද  3 ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කර ඇත.


ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ විනිසුරු සංයුතිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්
සිංහලේ අපි සංවිධානය රන්ජන්ට එරෙහි කළ පැමිණිල්ල ප්‍රකාරව මෙලෙස  නෙතීසි නිකුත් කර තිබේ.
ඔහු දෙරණ වාද පිටිය වැඩසටහනකට එක්වෙමින් මෙම ප්‍රකාශය සිදු කර තිබූ අතර ඒ ගැන පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රන්ජන් කියා තිබුනේ තමා කියූ දේ වෙනස් කර සමාජ මාධ්‍ය වෙනස් අර්ථ නිරූපණයක් දක්වමින් මෙම චෝදනා කර ඇති බවයි.

රන්ජන් මීට ඉහත නීතීඥයින් දූෂිත බවට කර තිබූ ප්‍රකාශයක් ගැන වෙනම අපහාස නඩුවක්ද පවතී.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment