මොනරාගල සා.පෙළ මධ්‍යාස්ථානයකට කඩා වැදුණු දෙදෙනකු සිසුවියකට පිහියෙන් අනින්න ගිහින්

මොනරාගල නක්කල රාජ්‍යනන්ද මහා විද්‍යාලයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයට 11 වනදා පෙරවරුවේ යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරණ හිස් වැසුම් පැළඳගත්
තරුණයන් දෙදෙනකු එම විභාග මධ්‍යස්ථානයේ සිටි විභාග අපේක්ෂිකා ශිෂ්‍යාවකට පහරදී ඇයට පිහියකින් ඇනීමට උත්සාහ ගත් අවස්ථාවේ එහි සිටි මවුපියෝ දැඩි වෙහෙසක් දරා  තරුණයා මෙල්ල කර ඔයාගෙන් පිහිය උඳුරාගෙන දැරිය බේරාගෙන තිබිණි.

මෙම සිද්ධිය පිළිබඳව නක්කල රාජ්‍යානන්ද මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයාගෙන් කළ විමසීමකදි ඔහු මේ සිද්ධිය සනාථ කළේය. විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා පැවැසුවේ තමන් මේ පිළිබඳව මොනරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සරත් බන්දු ගුණසේකර මහතාද දැනුවත් කර ඇති බවයි.

මෙම සිසුවියට පහර දුන් තරුණයන් දෙදෙනා මොනරාගල බදුල්ල මාර්ගයේ 16 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඉන් එක් තරුණයකුගේ පහර කෑමට ලක්වූ ශිෂ්‍යාව සමග කලක් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය අයකු බවත් දැන ගන්නට තිබේ.

 සිද්ධිය වූ අවස්ථාවේ එහි පැමිණි සැකකරුගේ ඥාතිවරීයක් සැකකරු හා ඔහුගේ මිතුරන්, සැකකරු අත තිබූ පිහියත් රැගෙන විභාග මධ්‍යස්ථානයෙන් පිටතට ගොස් ඇත. ඇය මොනරාගල පොලිසියේ සේවය කරන පොලිස් කාන්තාවක් බව මාපියෝ පවසති.

මෙම සැකකාර තරුණයා හා පහර කෑමට ලක්වූ දැරිය එකම පාසලක අධ්‍යාපනය ලබා ඇති බවත් ඇය මෙම සැකකරු සමග  කාලයක් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් දැරියගේ මව්පියෝ පවසති.  මෙම සම්බන්ධතාවට දැරීයගේ පාර්ශ්වයෙන්  විරුද්ධ වූ විට දැරිය එම සම්බන්ධතාව නවත්වා
ඇති අතර ඉන් උරන වූ මෙම සැකකාර සිසුවා  දැරියට මීට පෙරද මොනරාගල බස් නැවතුමේදි පහර දී ඇති බව එම මව්පියෝ කියති.

මේ පිළිබඳ මොනරාගල පොලිසිය මීට පෙර පැමිණිලි කළද ඒ සම්බන්ධයෙන් සතුටුදායක අන්දමේ පරික්ෂණයක් සිදු නොවූ  බවද ඔවුහු චෝදනා කරති.  මේ හේතුවේ තමන් මොනරාගල පොලිස් අධිකාරිවරයාට මේ පිළිබඳ පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවද එම මව්පියෝ කියති.  අප මේ සම්බන්ද විමසීමට මොනරාගල පොලිසියේ උසස් පොලිස් නිලධාරීන් කීප දෙනකු දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගත්තද එය අසාර්ථක විය. විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා කළ දැනුම් දිමකට අනුව මොනරාගල කලාප කාර්යාලයෙන්ද මේ පිළිබඳ මොනරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව මොනරාගල කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

- නයනජිව බණ්ඩාර-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment