එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටත් නියෝජ්‍ය ඇමතිකම්.
රාජපක්ෂවරුන් විසින් දියත්කල ඔක්තෝම්බර් 26 කළු සිකුරාදා කුමන්ත්‍රණය පරාජය කිරීමට දායක වූ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටද නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමට එජාප නායකත්වය තීරණය කර ඇතැයි වාර්තාවේ.
ඒ අනුව, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් තවත් පිරිසක් දිවුරුම් දීම සදහා මූලික කටයුතු සූදානම් කෙරෙමින් තිබෙන බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. එම පිරිස ජනවාරි මස මුල් දින කිහිපයේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් තවත් 16 දෙනෙකු පත් කිරීමට ව්‍යවස්ථාව අනුව අවස්ථාව ඇත.
'නම් කරන්නේ අගමැතිවරයා'
මේ අතර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුයේ, අමාත්‍යධූර සම්බන්ධයෙන් පවතින ගැටලූවලටද ලගදීම විසඳුම් ලබා දෙන බවයි.
''තවත් කට්ටියක් එන්න ඉන්නවා. ආපු අය ආවේ තනතුරු බලාගෙන නෙමෙයි. එයාලා දේශපාලන ගමනකට. බොහෝද දෙනා බලාපොරොත්තු වෙනවා අපිත් එක්ක ඉදිරියට තරග කරන්න.
ලංකාවේ බොහෝ දෙනාට ව්‍යවස්ථාව ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඇමතිවරුන් නම් කරන්නේ අගමැතිවරයා වගේම විෂයන් බෙදා දෙන්නේ ජනාධිපතිතුමායි.'' ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.

0 comments :
Post a Comment