මහින්ද විපක්ෂ නායක කාර්යාලය : බලහත්කාරයෙන් අල්ලන සූදානමක්?

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය අහිමිවූ මහින්ද රාජපක්‍ෂ මන්ත්‍රීවරයා බලහත්කාරයෙන් විපක්ෂනායක කාර්යාලය අත්පත් කරගන්නට සූදානම් වන බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ජනවාරි මස දෙවැනි සතියේදී කොළඹ-07 ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ අංක 30 දරණ ස්ථානයේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලය අත්පත් කරගැනීම සඳහා ඒ වෙත යාමට ඔහු ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරීන් සූදානමක පසුවෙයි.

2019 නව වසර සඳහා පාර්ලිමේන්තුව ලබන මස 8 වැනිදා ආරම්භ වීමට නියමිත අතර ඉන් පසුව විපක්‍ෂ නායකවරයා විපක්‍ෂනායක කාර්යාලය අත්පත්කර ගැනීම එම පාර්ශවයේ වැඩිදුර අපේක්ෂාව බවද දැනගන්නට ඇත.

මහින්ද නිදහස් සන්ධානයේ ද?

කෙසේ වුවත් තමන් විපක්‍ෂනායක ධූරයෙන් ඉවත් නොකළ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත්කළ අතර තවමත් විපක්‍ෂනායක කාර්යාලය පරිහරණය කරමින් එහි රැදී සිටින්නේ සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ කාර්ය මණ්ඩලයයි.

මේ වන විට මහින්ද රාජපක්ෂ පවසන්නේ තමන් පොහොට්ටුවේ නොව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙකු බවය. එසේනම් ජනාධිපති සිරිසේන එහි නායකයා වන අතර ඔහු මේ වන විට ආණ්ඩුවේ අමාත්‍යංශ කිහිපයක්ද අත්කරගෙන සිටියි. ඒ අනුව විපක්ෂ නායක ධුරය හිමිවිය යුතුව ඇත්තේ නිදහස් සන්ධානයට නොව ද්‍රවිඩ ජාතික සන්ධානයට බව සම්බන්ධන් පාර්ශවයේ තර්කය වී ඇත. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment