සෙල්ෆි ගන්න ගිහින් බඹරගම දියඇල්ලෙන් වැටුණ තරුණයන් දෙදෙනකු අතුරුදන්

බණ්ඩාරවෙල අඹදණ්ඬේගම බඹරගම දියඇල්ලේ සිට සෙල්ෆි  ඡායාරූප ගැනීමට ගිය තරුණයින් තිදෙනෙකු
අද (26) හවස
එම දියඇල්ලෙන් පහළට වැටීමෙන් ඉන් තරුණයන් දෙදෙනෙකු  අතුරුදන්ව ඇති බව පොලිසිය කියයි.
අනිත් තරුණයකු තුවාල ලබා බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත් කර ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
බණ්ඩාරවෙල හීල්ඔය ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක තරුණයෙකු හා වැලිමඩ පදිංචි වයස අවුරුදු 20 තරුණයෙකු මෙසේ අතුරුදන්ව තිබේ.
අතුරුදන් වූ තරුණයන් දෙදෙනා සොයා බණ්ඩාරවෙල පොලීසිය කිමිදුම්කරුවන් යොදවා තිබේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment