සුරක්ෂා රක්ෂණ වැඩසටහන ඇණ හිටියි?


පාසල් ළමුන් සඳහා හඳුන්වා දී තිබූ සුරක්ෂා රක්ෂණ වැඩසටහන මේ වන විට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව ලංකා ගුරු සංගමය පැවසීය.

එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ මේ වසරේ ඔක්තෝබර් මස පළමු වැනි දින දක්වා පමණක් සුරක්ෂා රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක වු බවයි.

එය දීර්ඝ කිරීම සඳහා බලධාරින් මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ජෝසප් ස්ටාලින් මහතා පැවසීය. 

අද දෙරණ මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔක්තෝබර් මස 30 වැනිදායින් සුරක්ෂා රක්ෂණ ක්‍රමවේදයේ කාලසීමාව අවසන් වී ඇති බවයි. 

එය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත යුතු බව එම ප්‍රකාශකයා සඳහන් කළේය. 

ඔහු සඳහන් කළේ මේ සඳහා විශේෂ සාකච්ඡාවක් ලබන සතියේ දී පැවැත්වීමට නියමිත බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment