පොලිස් ඝාතනයෙන් නැගෙනහිර කැළඹෙයි : සිද්ධිය හෙළා දකිමින් නැගෙනහිර විරෝධතා.


මඩකලපුව වවුනතිව් මාර්ග බාධකයක දී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධිය හෙළා දකිමින් මන්නාරම ප්‍රදේශයේ ස්ථාන කිහිපයක අද විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබුණි.

විරෝධතාකරුවන් මන්නාරම, අඩම්පන් නගරයේ සිට මාන්තෙයි බස්නාහිර ප්‍රදේශීය ලේකම් කාර්යාලය වෙත පාගමනින් පැමිණියහ.

මේ අතර ඊට පොලිස් නිළධාරින් ඝාතනය හෙළා දකිමින් අඩම්පන් නගරයේ  කඩ සාප්පු වසා තිබීම ද විශේෂත්වයක්. 

කෙසේ වෙතත් ඊයේ දිනයේ ද මෙම සිද්ධි යළි ඇති නොවන ලෙස වග බලා ගත යුතු යැයි පවසමින් මන්නාරම ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ද පෝස්ටර් අලවා තිබුනි.

මෙම පොලිස් නිලධාරී දෙදෙනා ඝාතන සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබේ.

මෙසේ මිය ගොස් සිටියේ ගාල්ල උඩුගම බැද්දේගම හන්දියේ පදිංචි වල්පිට ගමගේ නිරෝෂන් ඉන්දික ප්‍රසන්න නැමැති වයස අවුරුදු 35ක් වු පොලිස් කොස්තාපල් 82162 වන අය හා, කල්මුණේ නිලාවනේ සර්වෝදය හන්දියේ අංක 1 ඒ පදිංචිව සිටි වයස අවුරුදු 28ක් වු පොලිස් කොස්තාපල් 8624 ගනේෂ් දිනේෂ් යන අයයි.







Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment