අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරිම හෙට : විෂය පථයන් සඳුදා.

  
අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරිම හෙට සිදුවන බව ජනාධිපතිතුමා අද (20) පෙරවරුවේ පැවසීය.

ඒ කැබිනට් මණ්ඩලය දිවුරුම් දිමට අද රැස්වු අවස්ථාවේදීය.

ඒ අනුව අද පත් වු ඇමතිවරුන්ගේ අමාත්‍යාංශවල ලේකම් වරුන් හෙට (21) පත් කිරිමට නියමිතයි.

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව ජනාධිපතිවරයා සමඟ සමුහ ඡායාරූපයක් ගැනීම සාමාන්‍යයෙන් සිදුවුවද මෙවර එවැන්නැක් සිදු නොවු බවද ඔහු කීවේය.

ඇමතිවරුන්⁣ගේ සීමාව ලකුණු කිරීම සඳුදා

මේ අතර නව කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ට පැවරෙන විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය ලබන සඳුදා (24) නිකුත් කිරීමට නියමිතය.

විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය සඳුදා නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (20) උදෑසන පැවති කැබිනට් රැස්වීමේදී ද දැනුම් දී ඇත.

එක් එක් ඇමැතිවරුන්ට පැවරෙන විෂය පථයන් හා ආයතන ඇතුළත් ගැසට් නිවේදනය සකස් කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ වී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment