මහින්දගේ අගමැති වැඩතහනමට එරෙහි පෙත්සම් විභාගයට ඊවා එපා කියයි - පංච පුද්ගල විනිසුරු මඩුල්ලකුත් ඉල්ලයි

https://www.gossiplankanews.com/2018/12/mahinda-court.html
හින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ කටයුතු වළක්වමින් අභියාචනාධිකරණය දුන් අතුරු නියෝගයට එරෙහිව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අභියාචනය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන්නැයි, ඊයේ ඉල්ලීමක් ඉදිරිපත් විය.
මෝසමක් මගින්
මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ, රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසිනි.

මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් සහ කැබිනට් මණ්ඩලය ඇතුළු අමාත්‍යවරුන්ට එම ධුර දැරීම වළක්වමින් පසුගිය 3 වන දා අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබා දුන්නේ ය.

ඊට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකු ගොනු කළ අභියාචනා පෙත්සම් හෙට ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීමට නියමිතයි.


ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම අභියාචන සලකා බැලීමට නියමිත අතර රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පාර්ශ්වයන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙසයි.

තම පාර්ශ්වයට සාධාරණ සහ යුක්ති සහගත නියෝගයක් ලබා ගැනීම සඳහා එකී ඉල්ලීම සිදුකරන බව ද ඔවුන් ඉදිරිපත් කළ මෝසමේ සඳහන් ය.

මහින්ද රාජපක්ෂ මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  122 දෙනා අතුරින්  පළවන පෙත්සම්කරු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම මෝසම ගොනු කළේය.
 මේ අතර අදාළ අභියාචනා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකසිය විසි දෙදෙනා වෙනුවෙන් තවත් මෝසමක් ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය ඉදිරියේ විභාගයට නොගන්නා ලෙසයි.

එම පෙත්සම ඊවා වනසුන්දර මහත්මිය ඉදිරියේ විභාගයට ගතහොත් යුක්තිසහගත නඩුවිභාගයක්  අපේක්ෂා කළ නොහැකි බැවින් එය එම විනිසුරු මණ්ඩලයෙන් ඉවත් කොට වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස අදාළ මෝසමෙන් ඉල්ලා ඇත
ඊවා වනසුන්දර යනු මහින්ද රාජපක්ෂ නීති විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේ එකම සමාන්තර දේශන සඳහා එක්වූ සමකාලීන හිතවතියකි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ මෙම විශේෂ අභියාචනය අද(14) විභාගයට ගැනීමට නියමිතය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment