රජයේ මාධ්‍ය නව පත්වීම්වලට එරෙහිව නඩු : කුමන්ත්‍රණ මාධ්‍ය ප්‍රධානින්ට වැඩ වරදී.


රජයේ මාධ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්‍ෂ මණ්ඩල ඇතුළු නීත්‍යනුකූල නොවන පත්වීම් ලද සියල්ලන් විසින් නීති විරෝධී ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔවුනට එරෙහිව නඩු පැවරිය යුතු බවටත් ජනරජයේ අරමුදල් අඛණ්ඩව අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඊට යෝග්‍ය පාර්ලිමේන්තු කාරක සභාවක් හමුවට අමාත්‍යාංශ පහක ලේකම්වරුන් කැඳවීමටත් පාර්ලිමේන්තුව හමුවට යෝජනා ඉදිරිපත් කිරීමට යයි.

අග්‍රාමාත්‍ය ලේකම්, සිරිසේන අමරසේකර, මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයාගේ ලේකම් එස්.ආර්.ආටිගල, නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යවරයාගේ ලේකම් උපාලි මාරසිංහ, ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයාගේ ලේකම් එස්.ටී. කොඩිකාර, වෙළෙඳ, පාරිභෝගික, සමුපකාර සංවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයාගේ ලේකම් බර්නාඩ් වසන්ත පෙරේරා යන මහත්වරුන් මෙසේ පාර්ලිමේන්තු කාරක සභාවක් හමුවට පැමිණවීමට යෝජනා කර ඇත.

අදාළ යෝජනා පාර්ලිමේන්තුවේ අංක 1 දරන න්‍යාය පුස්තකය හා සම්බන්ධ, දෙසැම්බර් 07 වැනිදා නිකුත් කර ඇති පරිපූරකයෙහි ඇතුළත් කර තිබේ.

රජයේ මාධ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්‍ෂ මණ්ඩල ඇතුළු නීත්‍යනුකූල නොවන පත්වීම් ලද සියල්ලන්ට එරෙහිව නඩු පැවරීමේ යෝජනා පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන විසින්ද අමාත්‍යාංශ පහක ලේකම්වරුන්, පාර්ලිමේන්තු කමිටුවක් හමුවට පැමිණවිය යුතු බව කියැවෙන යෝජනා පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ජුන රණතුංග විසින්ද ඉදිරිපත් කර ඇති යෝජනා ලබන 12 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමට ඉදිරිපත් කර සම්මත කිරීමට අපේක්‍ෂා කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment