පිහිනීමට නොදන්නා තරුණයින් දෙදෙනා පෙම්වතියන් ඉදිරිපිට ඔයට බැස වැඩ පෙන්වන්න ගොස් මරුට

https://www.gossiplankanews.com/2018/12/motor-bicycle-two-teen-death.html#more
මෝටර් සයිකලයක් අලුතින් මිලට ගෙන එහි සතුට සමරන්නට පෙම්වතියන් සමග ඉංගිරියේ මාවක් ඔය අසළට පැමිණි තරුණයින් තිදෙනෙකු අතරින් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස දියේ ගිලී මියයාමේ සිද්ධියක් ඊයේ වාර්තා විය.
ඉංගිරිය, හඳපාන්ගොඩ මාවක් ඔය වෙත ඔවුන් ඊයේ පැමිණ ඇත්තේ
අලුතින් යතුරුපැදියක් මිලදී ගැනීමේ ප්‍රීතිය බියර් බී විනෝදවී සමරන්නටය. ඒ නිමිත්තන් තරුණයන් තිදෙනා ඔවුන්ගේ පෙම්වතියන් බව කියන තරුණියන් තිදෙනා සමග මාවක් ඔයට පැමිණ ජලයට බැස වළල්ලක් ආකාරයෙන් හිඳ ප්ලාස්ටික්

බෝලයකින් සෙල්ලම් කරමින් සිට තිබේ.

එක් අවස්ථාවක ඈතට විසිවූ බෝලය ගැනීම සඳහා එක් තරුණයකු මිටර් දහයක් පමණ ඈතට ගොස් ඇති බව පරික්‍ෂණවලදී හෙළිවී ඇත.එම අවස්ථාවේ එහි සිටි අනෙක් තරුණයන් දෙ‍ෙදදෙ ඔහුට සහය වන්නට ඒ ළඟට යන්නට උත්සාහ දරා ඇති මුත් පිහිනීමට නොදන්නා ඔවුන් දෙදෙනා ටිකෙන් ටික පස්සට ගොස් වරින් වර ගිලමින් උඩට මතුවෙමින් ජලය ඈතට ගසාගෙන ගිය බව කියැවේ.

තරුණියන් තිදෙනා කෑගසා බෝලය ගැනීමට ගිය මුලින් කී තරුණයාට දැන්වූ පසු ඔහු පැමිණ ඔවුන් දෙදෙනා දෙවරකදී ගොඩටගෙන ඇති මුත් ජලය පෙවී සිහිසුන් තත්වයේ සිට ඇත.
පොලිසියට දන්වා සුව සැරිය ගිලන් රථයක් ගෙනවිත් ඔවුන් රෝහල වෙත රැගෙන එන විටත් මියගොස් සිට ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාලඹේ තලංගම උතුර පඳව සිටි වායුසමීකරණ කාර්මිකයකු වූ දසිත දිහාර (21) හා මාලබේ තලාහේන - බගලවත්ත පාර සමනල මාවත පදිංචිව සිටි දුලිප් ලියනගේ (21) යන තරුණයන් දෙදෙනායි.

අලුතින් යතුරුපැදියක් මිලදී ගෙන තිබුනේ සිද්ධියෙන් මියගිය දසිතයි. විනෝදවීමට පැමිණි අවස්ථාවේ බීර ටින් දෙකක් එම ස්ථානයට රැගෙන විත් මියගිය තරුණයන් දෙදෙනා එයින් එකක් පමණ පානය කර තිබූ බව පරික්‍ෂණවලදී අනාවරණයවී ඇත. මියගිය  දෙදෙනාම පිහිනීමට නොදන්නා අය බව හෙළිවිය.
ද අනාඳත්නා බවත් වැඩිදුරටත් අනාවරණය වූ බව් ගපොලිස් නිලධාරියා පැවසිය.
පශ්චාත් මරණ පරික්‍ෂණය හොරණ මූලික රෝහලේදී සිදු කිරිමට නියමිතව තිබිණ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment