දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එක්ව ඊයේ(26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව වාර්තා වේ.

දුම්රිය රියදුරන් , නියාමකවරුන්,

ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ අධික්ෂණ කළමනාකරුවන් මෙම වර්ජනයේ නිරතවීමට සූදානමින් සිටි අතර ඊයේ ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් පසු වර්ජනය අත්හිටුවීමට තීරණය කළබව එම වෘත්තීය සමිති පවසයි.

දුම්රිය ශ්‍රේණිවල වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාලව නිකුත්කළ චක්‍රලේඛයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබියදී එය ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පලකරමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.

කෙසේ වෙතත් මාසයක් ඇතුළත සියළුම ගැටලුවලට විසඳුම් ලබාදෙන බවට ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පොරොන්දුවීමෙන් අනතුරුව මාසයක කාලයක් සඳහා වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment